චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නතක් සිය රටේ ජාතික කොරෝනා මර්දන ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ සඳහා එක් කරගැනීමට ලොව තෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බ‍්‍රසීලය විසින් තීරණය කර තිබේ.
මේ අනුව චීනයේ ”සයිනෝවැක් බයෝටෙක්” සමාගම විසින් නිපදවා ඇති ”කොරෝනාවැක්” එන්නත බ‍්‍රසීලයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සිය රටේ භාවිතයට ගැනෙන දෙවැනි කොරෝනා මර්දන එන්නත වශයෙන් ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට එක් කරගෙන තිබේ. බ‍්‍රසීල රජය විසින් මෙම එන්නතෙන් මාත‍්‍රා මිලියන 46ක් මිල දී ගැනීමට තීරණය කර තිබේ