Gossip

චීනය කොරෝනා මරණ ගැන ඇත්ත කියන්නට පටන් ගනී – මෙන්න විස්තරය

කොරෝනා වසංගතයේ ආරම්භය සිදුවූ චීනයේ වුහාන් ප‍්‍රාන්තය කොරෝනා වසංගතයෙන් සිදුවූ තම මරණ සංඛ්‍යාව එක්වරම 1290 කින් වැඩි කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් රැසක් චීනය ලබා දෙන සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව චීනය නව සංඛ්‍යා ප‍්‍රකාශයට පත් කරන ලදී.

මෙම සංඛ්‍යාව වැඩි කර ඇත්තේ රෝහල් වලින් පිටත සිදුවූ මරණ බව පවසමිනි.මේ අනුව මෙතෙක් 3342 ක් වූ චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව 4632 දක්වා මේ වන විට ඉහල ගොස් තිබේ.

කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල බුද්ධි අංශ පවසන්නේ චීනයේ කොරෝනා මරණ අවම වශයෙන් හතලිස් දහසකට වැඩි ප‍්‍රමාණයක් සිදුවූ බවය.එහෙත් චීනය දිගින් දිගටම පවසන්නේ තමන් කිසිවක් වසන් කර නොමැති බවය.

කෙසේවෙතත් ප‍්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ද කොරෝනා වසංගතය චීනය වසන් කල බව පවසමින් චීනයේ කටයුතු දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ. ප‍්‍රංශය මේ වන විට කොරෝනා වසංගතයෙන් වැඩිපුරම බැටකන රටකි.

ලොව බොහෝ රටවල් කොරෝනා වසංගතයට තම රට මුහුණ දෙන ආකාරය පිලිබඳ තීරණ ගත්තේ චීනයේ සංඛ්‍යා ලේඛන හා චීනයේ එය පැතිරයාම ආදිය සැලකිල්ලට ගනිමිනි.

චීනය මුලින්ම කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට නිල වශයෙන් දැනුම් දුන්නේ 2019 දෙසැම්බර් 31 වැනිදාය.එහෙත් චීනය තම රටට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ පිරිස් වලට චීනට ඇතුළුවීමට ඉඩ ලබා දුන්නේ 2020 පෙබරවාරි 10 වැනිදාය.ඒ වන විට චීනයේ කොරනා රෝගීන් ප‍්‍රමාණය හතලිස් දහස ඉක්මවා තිබිණි.

චීනයේ කොරෝනා වසංගතය පැතිරයාමේ භයානක කම ගැන හෙළිදරව් කල වෛද්‍යවරුන්ට පවා චීන රජය පොලීසිය යොදවා බලපෑම් කර තිබිණි.

ජනිත සෙනෙවිරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!