චීනය තුළ පැතිරීම පාලනය කර ඇති කොරෝනා වෛරසය දෙවැනි වරටත් වසංගතයක් ලෙස පැතිර යාම වැළක්වීමට හා එරටටට පැමිණෙන විදේශිකයින්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පර්යේෂණ මට්ටමේ පවතින කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ එන්නත් දෙකක් මුල් අවස්ථාවේදීම රෝගීන්ට අත්හදා බැලීමට චීන බළධාරීන් විසින් අනුමැතිය ලබා දී ඇති බව චීන රජයේ නිල පුවත් සේවාව වන “සින්හුවා ” පුවත් සේවය පවසයි .
මෙම පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් දෙක නිපදවා ඇත්තේ බීජිං නගරයේ පිහිටි “සිනොවැක් බයෝටෙක් “සමාගම හා චීනයේ ජාතික ඖෂධ සමාගමට අනුබද්ධ වුහාන් ජීව විද්‍යාත්මක නිෂ්පාදන පිලිබඳ ආයතනය මගිනි .මෙම එන්නත් දෙකම මිනිසුන්ට අත්හදා බැලීම සඳහා චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ අනුමැතියද හිමි වී තිබේ .
ඉකුත් මාර්තු මාසයේද චීන බළධාරීන් විසින් චීන හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ එන්නතක් රෝගීන්ට සායනික මට්ටමින් අත්හදා බැලීමට අවසරය ලබා දී තිබිණි .ජාතික සෞඛ්‍ය කොමිසම විසින් රෝගීන්ට අත්හදා බැලීම සඳහා අනුමැතිය ලබා දී ඇති ප්‍රථම එන්නත දැනට චීනයේ කොරෝනා වෛරස් රෝගීන් සඳහා අත්හදා බැලීම් සිදු වනුයේ දෙවැනි අදියරේ වන අතර එහි පළමු අදියරේ අත්හදා බැලීම සඳහා චීන ජාතිකයින් 500ක් පමණ දෙනා ස්වෙච්ජාවෙන්ම ඉදරිපත් වී තිබු බව “අල් ජසීරා “පුවත් සේවය පවසයි .එන්නත අත්හදාබැලීමේ ප්‍රථම අදියරේදී පරික්ෂා කර බලා ඇත්තේ එන්නතෙහි ආරක්ෂාව පිළිබඳවයි .
මෙම එන්නත් ගෝලීය වශයෙන් මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වනුයේ එම එන්නත් සම්බන්ධයෙන් පවතින ගැටළු ගණනාවක් නිරාකරණය කර ගැනීමෙන් පසුව බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි .
