බීජිං නගරයේ ඉදිකෙරුණු දැවැන්ත ගුවන්තොටුපොළක් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ මූලිකත්වයෙන් විවෘත කෙරුණා.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වාර්ෂිකව මගීන් මිලියන 45ක් හැසිරවීම චීන රජයේ අපේක්ෂාවයි.
චීනයේ ඉදිකළ විශාලතම ගුවන්තොටුපොළක් වන බීජිං නුවර ඩාසින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට පත් කෙරුණා.
පසැඟිල්ලෙකුගේ ස්වරූපයෙන් යුතුව සකස් කෙරුණු මෙම ගුවන්තොටුපොළ විවෘත කෙරුණේ චීන ජනාධිපති ෂී ජින්පින් ගේ මූලිකත්වයෙන්.
2022 වසර වනවිට එමගින් වාර්ෂිකව මගීන් මිලියන 45ක් හැසිරවිය හැකි බවයි බලධාරීන් පවසනවා.
එය 2025 වසර වන විට මිලියන 72 දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා.
ඩාසින් ගුවන්තොටුපොළ රටේ සංචාරක මර්මස්ථාන කිහිපයකට පහසුවෙන් සමීප විය හැකි ස්ථානයක පිහිටා තිබෙනවා.
ඉන් බීජිං, ටියෑන්ජියෑන් හා හැබෙයි යන පළාත් පැයක පමණ කාලයකින් සමීප කෙරෙනු ඇති බවට සඳහන් වෙනවා.
මෙම නව ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමගින් රටේ ආර්ථිකයට දැඩි පිටුවහලක් වනු ඇති බවයි විදෙස් පුවත් සඳහන් කරනවා.
