Gossip

චන්ද්‍රයාන් 02ක අභ්‍යවකාශ යානයේ ගැටළුවක් . බලාපොරෝත්තු අත අරින්න එපා- ඉන්දීය අගමැති

සඳෙහි ගවේෂණය නොකළ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ඉන්දියාව යැවූ චන්ද්‍රයාන් 02ක අභ්‍යාවකාශ යානය සඳ මතට ගොඩබැස්සවිමට යාමේදී සම්බන්ධතාව බිද වැටී ඇත.

ගොඩබැස්සවිමට කිලෝමිටර් 2.1ක් පමණ යනතුරු සම්බන්ධතාව සාමාන්‍ය පරිදි තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉන්දීයාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසන්නේ යානය සඳමතට ගොඩබැස්සවිමට තප්පර කිහිපයකට පෙර සම්බන්ධතාව නැති වූ බවයි.

සඳ මතට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්ස වූ සිව් වන රට ඉන්දීයාව වන අතර පළමු වරට 2008 වසරේදී චන්ද්‍රයාන් 01ක ඉන්දියාව විසින් අභ්‍යවකාශ ගතකර තිබුණි.

මෙහෙයුම් මැදිරීයේ සිට සියල්ල නිරීක්ෂණය කළ ඉන්දීය අගමැති විද්‍යාඥයන්ට කියා තිබෙන්නේ බලාපොරෝත්තු අත්නොහරින ලෙසයි.

ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය කියා තිබෙන්නේ සන්නිවේදනය බිද වැටුණත් අහිමි වෙලා තියෙන්නේ මෙහෙයුමෙන් 5% බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!