Gossip

ගේයි ඉඩමයි ලියා දෙන්න කියා 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙනකම්ම ගහලා

නිවස පිහිටි ඉඩම ලියා දෙන ලෙස බලකරමින් 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු පහර දී නුලකින් ඇගේ ගෙල සිර කළ සැකකාර පුතු ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා   27 වැනිදා නියම කළේය.

මිනුවන්ගොඩ උතුරු වැලියේ පදිංචි සුමිත් චන්දන පෙරේරා නමැති 36 හැවිරිදි අවිවාහක සැකකරු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සැකකරු තම මව නිවස තුළට ගෙන නිවසේ දොර ජනෙල් වසා මවට මෙසේ අමානුෂික ලෙස පහරදී ඇති බවත් මවගේ කෑගැසීම ඇසී පැමිණ ඇති අසල්වැසියන් නිවසේ දොර ගුලූ කඩා මව බේරාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!