සිය මව්පියන් අවුරුදු 17ක් තිස්සේ සොයා ගැනීමට නොහැකි වී සිටි ඉන්දියානු තරුණියක් ඉතාම කෙටි වේලාවක් ඇතුළත ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ඇයගේ මව්පියන් සොයාගත් පුවතක් වාර්තා වෙනවා.
ඉන්දියාවේ සිටි ගුඩියා නම් 23 හැවිරිදි තරුණියගේ මව්පියන් මීට අවුරුදු 17ට පෙර නැතිවීම හේතුවෙන් ඇය අවුරුදු ගණනක් තිස්සේ කල් ගෙවා තිබුණේ ළමා නිවාසයකය.
ඇයගේ මව්පියන් ගුඩියාට අහිමි වන විට ඇයගේ වයස අවරුදු 6ක් පමණ වී ඇත. කුඩා වයසක් වු ගුඩියාට ඒ වන විට මතකයේ තිබි ඇත්තේ ඇගේ මාමා සේවය කරන්නේ බිස්කට් කර්මාන්තශාලාවක බව පමණය.
ඇයගේ මාමා කෙනෙකු සමඟ දුම්රියෙන් ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන්ගත් දුම්රිය, දුම්රිය ස්ථානයේදී නතර කර තිබියදී ඇයගේ මාමා විසින් කෑමට කුමක් හෝ ගැනීම සඳහා දුම්රියෙන් පිටව ගොස් ඇති අතර ඔහු දුම්රිය කරා පැමිණෙන විට දුමිරිය මගහැරී ගොස් තිබී ඇත.
එම අවස්ථාවේදී එම දරුවා දුම්රියේ තනිව සිටිනවා දුටු පොලිස් නිලධාරිවරයෙකු එම දරුවාව ගෙන ගොස් නීතිමය කටයුතු සිදුකර ළමා නිවාසයක් වෙත බාරදී තිබේ.
කොහොම වුණත් අවුරුදු 17ක් තිස්සේ ගුඩියා එම ළමා නිවාසයේ කල් ගෙවු අතර ඉන්දියාවේ ළමා ආරක්ෂක සංගමයේ නිලධාරිණියක ගුඩියාගේ මව්පියන් සෙවීමට ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කර ඇත.
ඉන් අනතුරුව ගුඩියාගේ මාමා සේවය කරන ලද බිස්කට් කර්මාන්තශාලවක් ගුගල් සෙවුම් යන්ත්‍රය හරහා සොයාගෙන එහි දුරකථන අංකයක් සොයා එම කර්මාන්තශාලාවට ඇමතුමක් ලබා දී ගුඩියාගේ මාමා සොයාගෙන ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.