ගුවන් සේවා යලි ආරම්භ කල විට ගුවන් ප්රවේශපත්ර ගාස්තු සියයට පනහකින් පමණ ඉහල දැමීමට සිදුවනු ඇතැයි ලොව පුරා ගුවන් සේවා සමාගම් අනතුරු හඟවා තිබේ.
ඒ සමාජ දුරස්ථකරණයේ ආරක්ෂිත පියවරක් ලෙස ගුවන් යානා වල මැද ආසන පේලිය හිස්ව තබන්නට සිදුවීම නිසා ඒ සඳහා යන වියදම නිසාය. එසේම ගුවන් ගමන් ආරම්භ කලද කිසියම් කාලයක් යනතුරු බොහෝ පිරිස් ගුවන් ගමන් වල නොදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ නිසා අඩු ගාස්තු යටතේ මගීන් ප්රවාහනය හැර යලිත් ගුවන් සේවාවන් සඳහා මගී ආකර්ෂණය ඇති කරගන්නට වෙනත් ක්රමවේදයක් නොමැති බවටද ගුවන් සේවා සමාගම් පෙන්වාදී තිබේ.
මේ නිසා ගුවන් ප්රවේශපත්ර ගාස්තු ඉහල දැමීම 2021 වසරේ මුලදී සිදු කරන්නට නියමිතව තිබේ.
