පසුගිය දිනවල ගොඩක් අයගේ අවධානය යොමුවුණේ අධ්‍යයන පොදු උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වෙන්නේ කවදාද කියලා.
ඉතින් හැමෝම බලන් හිටපු උසස්පෙළ ප්‍රතිඵල අද අළුයම අන්තර්ජාලයට නිකුත් වුණා.
ප්‍රතිඵල නිකුත් වීමත් සමග දිවයිනේ ප්‍රථමයින් ගැනත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මේකට එක් විශේෂත්වයක් තමයි බොහෝ කලකට පසුව හිමිනමක්, උසස්පෙළ ප්‍රතිඵලවලින් ලංකාවේ පළමුවැනි ස්ථානයට ඇවිත් තිබීම.
ඒ අනුව කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් ට හැකියාව ලැබී තිබෙනවා.





