හොලිවුඩ්

ගිනි අවි උපදේශක දැරියගෙන් මැරුම්කයි

 

 

වයස අවුරුදු 9ක දැරියකට ගිනි අවි පුහුණුව ලබා‍දෙමින් සිටි උපදේශකවරයෙකු එම දැරිය අත තිබූ ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩයකින් මියගොස් තිබේ.

 

අමෙරිකාවේ දකුණු ඇරිසෝනා ප්‍රාන්තයෙන් මෙම පුවත වාර්තා වේ.

 

මියගොස් ඇත්තේ චාර්ල්ස් වකා නැමැති ගිනි අවි උපදේශකවරයෙකි.

 

සිය මව්පියන් සමග නිවාඩුව ගත කිරීමට ඇරිසෝනා හි වයිට් හිල්ස් ප්‍රදේශ‍යට ගිය අවස්ථාවේදී එම දැරියට මව්පියන්ගේ කැමැත්ත ඇතිව ගිනි අවි පුහුණුව ලබාදීම සිදුව ඇතැයි පැවසේ.

 
එහිදී උපදේශකවරයා විසින් ලබාදුන් ඉලක්කයට එක් උණ්ඩයක් සාර්ථකව ගිනි අවියෙන් මුදාහරින දැරියට උපදේශකවරයා පවසා සිටිනුයේ දිගටම වෙඩි තබාගෙන යන ලෙසයි.

 

එහිදී දැරියට ස්වයංක්‍රීය ගිනි අවිය සියුමැලි දෑතට දරාගත නොහැකිව සමබරතාවය බිඳ වැටීම නිසා අසළම සිටි උපදේශකවරයාට වෙඩි වැදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙවැනි කුඩා ළමයෙකුට ගිනි අවි පුහුණුවක් ලබාදෙන ප්‍රශ්නය ද සමාජයට ඉතිරි කරමින් වූ එම සිද්ධිය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!