ඒ දවස මට හොඳට මතකයි. ඒ මගේ ලෝකය මගේ පය පාමුල කඩාගෙන වැටුණ දවස.
ඒ වන විට මම හිටියේ තරුණ වයසෙ. මගේ වයස අවුරුදු 17ක්.
මම පාසල් ශිෂ්‍යාවක් හැටියටයි හිටියෙ. මම රුධිර පරීක්‍ෂණයකට ගිය විට තමයි මම දැන ගත්තෙ මගේ කුසේ පස් මසක දරු කළලයක් තියෙනව කියල.
මම ටිකක් ගැස්සිල හිටිය. මම බය වුණේ මේක අම්මට කියන්නේ කොහොමද කියලයි.
ඒත් අම්ම ඒක එතරම් ගණන් ගත්තෙ නැහැ. මගේ වයසෙ ඕන තරම් කෙල්ලො මේ විදියට ගැබ්ගෙන තිබුණ නිසා ඒක සාමාන්‍ය දෙයක් විදියටයි අම්ම සැලකුවෙ.
ඒත් ඊට පස්සෙ සිදුවුණ දෙයින් මාව පොළොව පලාගෙන ගියේ නැතුවා විතරයි. දොස්තර මහත්තය මට වහාම රෝහලට එන්න කියල මට කිව්වෙ මාව H I V aids ආසාදිතයෙක් නිසා බෙහෙත් විදින්න ඕන කියල.
මගේ ලේ පොසිටිව් කියලයි දොස්තර මහත්තය කිව්වෙ. මට දැනුනේ පොළොව කැරකිලා මාව අපායට වැටුණ කියල.
මම දැන ගෙන හිටිය එකම දේ තමයි ඒඞ්ස් කියන්නෙ මරණයෙන් කෙළවර වෙන ලෙඩක් කියල.
මම අඩ අඬා ගෙදර ගිහින් අම්මට කිවවම අම්ම යක්‍ෂාවේශ වෙලා මට බණින්න පටන් ගත්ත.
ඒ විතරක් නෙවි. අම්ම මම මළා කියල හිතාගෙන මගේ අවමඟුලත් ලෑස්ති කළා.
ඊට පස්සෙ මගේ ගැබිනි බව නිසා විදුහල්පතිනිය මගේ අස්වීමේ සහතිකය දී ආයෙ පාසලට එන්න එපා කිව්වම මට ඒක දරා ගන්න බැරි වුණා.
මම හුගක් ආශාවෙන් පාසල් ආවෙ” ඉගෙන ගත්තෙ. මට මගේ කියල සිහින තිබුණා. මේ වැඩෙන් ඒව සේරම වතුරකට අහුවුණා වගේ වුණා.
මේ ඔබ කියවන්නේ ගැම්බියාවේ විට්විලෙයි නගරය ආසන්නයේ දුගී ගමක දිවි ගෙවන 17 ත් හැවිරිදි ජෝ ලෙවි ඈන් වික් නමැති දෛවයට අභියෝග කළ දැරියගේ කතාන්තරයයි.
පාසලින් අස් කරනු ලබූ බව දැන ගත් මව ඇය ගෙදරින් පන්නා දැම්මා.
ඇය හඩමින් නගරයේ වීදි දිගේ ඇවිද ගියා. ඇගේ පුවත් දැන ගත් නගරවාසීන් ගෙන් ඇයට කිසිම අනුකම්පාවක් ලැබුණේ නැහැ. ඔවුන් ඇයට ගල් ගැසුවා.
ඇත්තෙන්ම මේ සිදුවීම් සිදුවී ඇත්තේ මීට වසර කීපයකට ඉහත දී යි. ජෝ ලෙවී මේ අන්දමට ඇගේ ඉරණම බාරගැනීමට කැමති වුණේ නැහැ. ඇය එයට එරෙහිව සටන් කළා.
මේ දේ නිසා මට බොහෝ දේ අහිමි වුණා. මට මගේ දෙමාපියන් අහිමි වුණා. මගේ පවුල” ඔවුන් තීරණය කළා මා සමග මින් ඉදිරියට කිසිම සම්බන්ධකමක් පවත්වන්නේ නෑ කියල” ඒ වගේම මට මගේ මිතුරන්” මගේ පාසල මේ සියල්ල අහිමි වුණා.
මෙසේ තම නිවසේ පවා ආගන්තුකයකු වූ ජෝට පිහිටට ආවේ ඇගේ ආත්තම්මායි. ඇය දැනුම් තේරුම් තැනැත්තියක් වීම
ජෝගේ වාසනාවක් වුණා. ජෝ ඇය එක්කර ගෙන ගොස් යුනිසෙෆ් ආතනයේ එච් අයි වී රෝග නිවාරණ වැඩ සටහනට ඇතුළු කළා.
එහිදී ඇයට මවගෙන් දරුවාට රෝගය වැළදීම වළක්වාලීම සඳහා ප‍්‍රතිජීවක එන්නත් දෙනු ලැබුවා.
ඉන් මාස කීපයක් ගත වූ පසුව ඇය පුතෙකු බිහි කළා. ඔහුට රෝගය වැළඳී තිබුණේ නැහැ. ජෝට මෙහිදී ඇති වූ ප‍්‍රීතිය කියා නිම කළ නොහැකි එකක්.
තමාට ආදරය කිරීමට තමාව රැක බලා ගැනීමට ලොවට මිනිසෙකු ඉපදී ඇති බව ඇයට දැනුණා.
ඔහු ගේ නම රෙමී. රෙමී දැන් 13 වියැති කොලූ ගැටයෙක්. ඔහුගේ මට ලැබුණේ ශක්තියක් වගේම දහිරියක්. ඔහු සෑම උදෑසනකම මට මගේ සිහින සමග අවදි වන්නට උදව් කරනවා.
මේ අයුරින් ජෝට දොරවල් ගණනාවක් වැසෙන විට ඇය ඉදිරියේ තවත් දොරක් විවෘත වුණා.
ඇය යුනිසෙෆ් ආයතනයේ ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට දිනපතාම ඉතා ඕනෑකම්න් සහභාගි වුණා.
එහිදී සොකර් ක‍්‍රීඩා කිරීම සන්ධ්‍යවේ ඇවිදිමින් කරන කතා බහ වගේ දේවල්්. ඇය කුඩා ටේප් රෙකෝඩරයක් රැගෙන යමින් දරු ප‍්‍රසූතියට ලංව සිටින ආසාදිත මව්වරුන් සමග ඒඞ්ස් රෝගය ගැනත් ඒ සමග ජීවත් විය යුතු අන්දම ගැනත් සාකච්ඡා කළා.
ඔවුන් දිරිමත් කළා. මේ නිසා ඇය එම රෝගී මව්වරුන් අතර ජනප‍්‍රිය තරුවක් බවට පත් වුණා.
2007 දී තම මාතෘ භූමියේ දී ඒඞ්ස්වලට එරෙහිව කටයුතු කළ තරුණ සාමාජිකාවක හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශනයක් පැවැත්වීමට ගරු කටයුතු කරනු ලැබුවා.
2010 දී ගරු කටයුතු අයෙකු ලෙස සළකනු ලැබූ ඇය විට්වෙලී නගරයේ නගරාධිපති තරගයට ඉදිරිපත්ව ඉන් ජය ගත්තා.
ජනතාව ඇය පිළගත් සැටි කියන ජෝ කීවේ එදා මා මරණ අදහසින් මට ගල් මුල්වලින් දමා ගැසූ අයම අද තමාට මල්මාලා දමන බවයි.
ලේඛකයන් ඇගේ චරිත කතාව ලියන්නට ඉදිරිපත් වුණා. එසේ ලියවුණ එක කතාවක් නම් Diary from the land of the brave යන්නයි. ජෝ ඈන් ජර්මනියේ විශේෂ වැඩසටහන් සම්බන්ධීකරණ අතර ඩිජිටල් ඩයරි නම් ඒඞ්ස් මර්දන අන්තර්ජාල වැඩ සටහන ද මෙහෙයවයි. කඳුළු අතර අතරමං නොවුණ මේ ගැහැනිය ඒඞ්ස් යනු මරණය නොවන බවත් ඒ සමග ජීවත්වීමේ ධෛර්යවන්ත කලාව ලොවට හඳුන්වා දුන් අභීත මොඩලයක් වූණා.
මගේ මරණය බලා සිටි අයට මා කියා දුන්නේ උමග කෙළවර ආලෝකය ඇති බවයි.
2016 වාර්තා අනුව අද 53% ක ජනතාවක් ඒඞ්ස් සමග නැගෙනහිර හා දකුණු අප‍්‍රිකාවේ ජීවත් වෙනවා. ඒ මිලියන 19.4 ක්. එමෙන්ම මිලියන 6.1 ක් බටහිර හා මධ්‍යම අප‍්‍රිකාවේ ඒඞ්ස් සමග දිවි ගෙවනවා.
පැහැදිලිවම මා බලාපොරොත්තු වන්නේ ඒඞ්ස්වලින් තොර පරම්පරාවක් ඇති කිරීමයි. එය දුෂ්කර කටයුත්තක් තමයි. ඒත් අපට එය කළ හැකියි. ඇගේ විශිෂ්ට අපේක්‍ෂාව එයයි.