වඩදිය තත්වයක් හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරණ සිට තොටගමුව දක්වා ඊයේ රාත්‍රීයේ මුහුදු රළ මහා මාර්ගයට පැමිණි සිදුවීමක් වාර්තා වනවා
වඩදිය සමග පැමිණි වැලි හේතුවෙන් ගාල්ල කොළඹ මාර්ගයේ කහව සහ අකුරල අතර රථ වාහන ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.
මේ වන විට ද වඩදිය තත්වය පවතින අතර මාර්ගයට පැමිණ ඇති වැලි ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට ඊයේ බලපෑ සුනාමියෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වුණා. පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.
මිය ගිය සංඛ්‍යාව පිළිබදව නිළ වාර්තා නොමැති වුවද අවම වශයෙන් පුද්ගලයන් 48 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි වාර්තා වන්නේ.
තුන් ලක්ෂ 50,000ක් පමණ ජනගහනයක් වෙසෙන පාළු නගරයේ ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.
