ප්‍රවීන ගායක සී.ටී ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (01) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
ඒ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි
මිය යන විට ඔහු 65 වන වියේ පසුවුණා.
දේහය පිළිබද අවසන් කටයුතු ලබන සිකුරාදා පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.
දේහය මේ වනවිට දෙහිවල – නැදිමාල – බෝධිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.