Gossip

“ගාමන්ට් කියන වචනෙට ලේබල් ගහන්න එපා. ටාගට් එක දෙන්න කොච්චරනම් ඒ අහිංසකයෝ සුපර්වයිස්ලගෙන් බැනුම් අහනවද.? දවසකට කීදෙනෙක්නම් අඩනවද.?” – පතුරු හරින ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ ගැන ඔබ නොදකින සංවේදී කතාව – Photos

කොරෝනා අවදානම ආයෙමත් පැමිණිම නිසා බොහෝ දෙනෙකු දැන් මිනුවන්ගොඩ ඇඟලුම් ශාලාවේ සේවය කළ කාන්තාවට දොස් කියන්න පටන් අරන්.
සමහරු ඇයට විවිධ ලේබල් ගහන්න පටන් අරන්.
ඒ විදිහට ඇයට සමාජයෙන් නගන දොස්වලට අපූරු පිළිතුරු කිහිපයක්ම මුහුණුපොතේ දමා තිබුණා.
ජනප්‍රිය ගායන ශිල්පී අභිෂේකා විමලවීරද මෙසේ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

කාන්තාවකට කොරෝනා හැදෙනවට වඩා හොදයි මැරෙන එක.හැදුනොත් වෛශ්‍යාවක්.
මේක පුදුම ලෝකයක්

මේ විදිහට තවත් පෝස්ට් කිහිපයක් මුහුණුපොතේ සැරිසරුවා..

ගාමන්ට් කියන වචනෙට ලේබල් ගහන්න එපා. මේ වෙලාවෙ. කොහේ හරි වැරදෙන්න ඇති. ඇගලුම් සේවක සේවිකාවන් ගැන නරක විදියට බලන්න එපා.එයාලා කොන් කරන්න එපා.එ මේ රටට විදේශ විනිමය ගේන්න මහන්සිවෙන දිරිය දියණියන්.
උදේට කෑම ටික කාලා වාඩිවෙන්නෙ දවසෙ ටාගට් එක උපරිමෙන්ම දෙන්න. ඔලුව උස්සන්න වතුර ටිකක් බොන්න හරියමන් වෙලාවක් නැති අහිංසක අම්මා , තාත්තා ගෙ අහිංසක ලමයි එතන වැඩ කරන්නෙ. Factory එකෙ මාස හයක tranning ගියාම මට අඩියක් ඉස්සරහට අරන් යන්න අමතකවෙලා නැවතුනා. මං කෙලින්ම සුපර්වයිස්ගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නය ඇයි මෙහෙම කතා කරන්නෙ කියලා දුන්න උත්තරය තමා ටාගට් එක ගන්න බනින්නෙ නැතුව බෑනේ මිස්.
ටාගට් එක දෙන්න කොච්චරනම් ඒ අහිංසකයෝ සුපර්වයිස්ලගෙන් බැනුම් අහනවද…? දවසකට කීදෙනෙක් නම් අඩනවද. මං ජීවිතෙ කලකිරුනු එක් පොයින්ට් එකක් මේ . ඒ ජීවිතෙ ගැට ගහ ගන්න කීයක් හරි හොයා ගන්න නෙ බැනුම් අහන්නෙ වෙහෙසෙන්නෙ. එහෙම ලමයින්ට තමා කොරොනා හැදිලා තියෙන්නෙ.
අපි නමින් බලා කිසිම රැකියාවක අවතක්සේරුවට ලක් නොකර යුතුයි. ගාමන්ට් කියපුවාම අපෙ අය දන්නෙ අට පාස් නැති මිනිස්සු ඉන්න තැනක් කියලා මං interview කර ලමයින්ගෙ තිබ්බ Results sheet , Experience ,දැක්කම මට පුදුමත් හිතුනා ඒ තරම් හොද බුද්ධිමත් ලමයි එතන ඉන්නෙ කොතන හරි මේ රටෙ වැරැද්දක් තියේ ඒවට කතා කරන්න මං පොඩ් වැඩි.
ඒ සියළු දෙනාටම ඉක්මණින් සුවවෙලා,
නැවතත් මේ රට වෙනුවෙන් වැඩ කරන්න,
ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා සියළුදෙනා පාර්ථනා කරමු!

“ගාර්මන්ට් ජොබ් එකේ” තරම් අපහාස විදින බැනුම් අහන තවත් ජොබ් එකක් අපේ රටේ නැති තරම් නේහ්. ටාර්ගට් දෙන්න බැරි උනොත් බැනුම්, ඉදිකට්ටක් කැඩුනොත් බැනුම්, හදීසීයේ ආව චූ බරක් නිදහස් කර ගන්න යන්නවත් බැ බැනුම්. ආයේ සමාජෙනුත් කතා අහන්න ඕනේ. මොකද ලංකාවෙ ගාර්මන්ට් ජොබ් එකට යන කෙල්ලො ඔක්කොම බඩු. කොල්ලො ඔක්කොම රස්තියාදුකාරයො, නිකමො, හිගන්නො. ඒක තමා සමාජේ ඒ මිනිස්සුන්ව හදුන්වන විදිය.
ඒත් හැම එකාටම බෑ උන් කරන ටික කරන්න. ඔය කතා කියන එකෙක් දන්නැ මොකක්ද එතන වෙන්නෙ මොන දුකක්ද විදින්නෙ කියලා. එක එකාගෙන් බැනුම් අහන්. අනික ගාර්මන්ට් යන පවුල් පසුබිම හොද කෙල්ලෙක් දන්නවා පරිස්සම් වෙන්න. ආදරේ අදුර ගන්න. හොද නරක දෙක වෙන් කර ගන්න. කොල්ලොත් දන්නවා මිනිස්සු අදුර ගන්න. පිටින් දකින නරක දේ ඇතුලෙන් නැති වෙන්න පුලුවන්. මොකක්ද ගාර්මන්ට් යන්නෙ ඉගෙන ගන්න බැරිම උන් නෙමේ. ඉගෙන ගන්න සල්ලි නැතිව අසරණ උන උන් වෙන්නත් පුලුවන්. පොත පත ඉගෙන ගන්න බැරි උනාට සමාජෙ හොදට ඉගෙන ගත්ත කෙල්ලො කොල්ලො ඉන්න තැනක් ගාර්මන්ට් කියන්නෙ.
25000/= ක පඩියෙන් 20000/= ක් බයික් එකේ ෆිනෑන්ස් එකට ගෙවන කොල්ලො කෙල්ලො ඉන්න රටක් මේක. ඉතින් හිතේ තියන පොඩි ආසාවක් හරි ඉශ්ඨ කර ගන්න පුලුවන් තැනක් ගාර්මන්ට් කියන්නෙ. ඒත් වැඩක් නැ දැන් ගාමන්ට් එකක ජොබ් එකක් කරන එකෙක් ඒක කියන්නත් ලැජ්ජයි. අන්න ඒ තැනට පත්වෙලා ඉවරයි ඒ ජොබ් එක. එතනින් එහා කතා කරලා වැඩක් නැ. මොනා උනත් හීන පුරෝ ගත්ත, ඇස් වල කදුලු පුරෝ ගත්ත කෙල්ලො කොල්ලො ඉන්න තැනක් ගාර්මන්ට් එක කියන්නෙ.හීන වලට යන්න කල් ගියාට හීන වලට දවසක සාධාරණයක් කරන්න පුලුවන් මොකද එතන ඉන්නෙ උත්සහවන්ත මිනිස්සු. ජීවිතේම ටාර්ගට් එකකට වැඩ කරන මිනිස්සු. ඒක තමා ඇතුලාන්තය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!