එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ වනාන්තරයක ගස් කපමින් සිටි පිරිසකට අනර්ඝ චෙස්නට් ඕක් ගසක් හමු වී තිබුණා .ඔවුන් ඒ ගස කපා දැමීමෙන් පසුව ඔවුන්ට දකින්න ලැබිලා තියෙනවා ගොඩක් දුක හිතෙන දෙයක් . ඒ ඕක් ගස මධ්‍යයේ මමියක් වුණු සුනඛයෙක්.
වසර 50 කට පමණ පෙර ලේනෙකු හෝ එවැනි කුඩා සතෙකු පසු පස දුව ගිය මෙම සුනඛයා චෙස්නට් ගසේ බෙනයකින් මෙම ගසේ කද වෙත ඇතුළු වී තිබෙනවා.ගසේ බෙනයක් වූ කද දිගේ ඉහළ යන්න ගිහින් මේ සුනකයා ගසේ මැද හිරවෙන්න ඇතැයි කියලා ඔවුන් නිගමනය කරනවා.
චෙස්නට් ඕක් ගස මධ්‍යයේ ඇති වියළි තත්වය සුනඛයාගේ සිරුර කුණු වීමට නොදී රැකගෙන තිබෙන අතර ඕක් ගසින් ශ්‍රාවය වූ ටැනික් අම්ලය (Tannic acid) තෙතමනය අවශෝෂණය කරගෙන ස්භාවිකවම මෙම සත්වයාගේ සිරුර මමිකරණය කර තිබෙනවා.
ගස් කපන්නන් විසින් සුනඛයාගේ සිරුර ගසින් ඉවත් කරනවා වෙනුවට එය ජෝර්ජියාවේ Waycross කෞතුකාගාරයට බාර දී තිබෙනවා.කෞතුකාගාරය තුළ සුරක්ෂිතව තැම්පත් කර ඇති මෙම සුනඛයාව Stuckie යන නමින් හදුන්වන බවට වාර්තා වෙනවා.
