Gossip

අපි දෙදෙනා අතරේ යම් යම් නොගැළපීම් තිබුණා..ඉතින් ඒ නිසා ඒක දුරදිග ගෙනි යන්නේ නැතුව අතරමඟ නැවැත්වුවා – කාවින්ද්‍යා දුල්ෂානි

කොහොමද කාවින්ද්‍යා?
හොඳයි. හොඳින් සතුටින් ඉන්නවා.

මේ දවස්වල ඔබේ රංගන කටයුතු ගැන කතා කළොත්?
චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කළා. චාමාර පීරිස් මහත්මයාගේ උතුරු සුළඟත් ඊට අමතරව නාට්‍ය තුනකත් රඟපානවා. එකක් තමයි අහස් මාලිගා. ඒකේ අහිංසා විදිහට රඟපානවා.

මේ චරිත තුන අතරින් ඔබට වඩාත් සමීප?
අලුත් අහිංසා මගේ වයසේ චරිතයක්. තනිවම හැදෙන කෙනෙක් ඇය. මිතුරු ඇසුරත් ප්‍රිය කරනවා. මම ඒ චරිතයට සමීපයි කියලා හිතෙනවා.

පසුගිය දවස්වල කුලප්පු වෙච්ච අස්සයෙක් නිසා අකරතැබ්බයකට මහුණ දෙන්න වුණාලු නේද?
සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ රඟපාන්න ගිහින් තමයි ඔය සිද්ධිය වුණේ. වෙනදා ගේන අස්සයා නෙවෙයි එදා ගෙනත් තිබුණේ. අපි හිටියේ අස්ස කරත්තේ නැගලා. අස්සයාව දැන් කරත්තේ ඉස්සරහ බැඳලා තියෙනවා. මං හිතන්නේ පරිසරයේ නුහුරුකම දැනිල ද කොහෙද ඌ කුලුප්පු වුණා. මම දෙවතාවක් නොසිතා කරත්තෙන් පැන්නා. හානියක් වුණේ නැහැ. නමුත් ලොකු බයක් දැනුණා.

කාවින්ද්‍යා රඟපාන්න ඇවිත් කොපමණ කල්ද?
අවුරුදු තුන හමාරක් විතර වෙනවා.

මේ කාලය අතරතුරදී ඔබ කැමැත්තෙන් හිටපු චරිත ලැබුණද?
ඔව්. මම සටන් කලාව හදාරපු කෙනෙක්. ඒ හා සබැඳි චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. අංගම්පොර ශිල්පය සමඟ ගනුදෙනු කරන චරිතයක් මං කළේ. හොඳ කමෙන්ට් එහෙමත් ලැබුණා ඒ චරිතයට.

කාවින්ද්‍යා මොන සටන් කලාවද හැදෑරුවේ?
කරාතේ තමයි ඉගෙන ගත්තේ. මං ඒ විෂය ප්‍රගුණ කළා කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. විවිධ තරග ඉසව්වලට සහභාගී වෙලා මට පදක්කම් එහෙමත් හිමිවෙලා තියෙනවා. නමුත් දැනට මං කරාතේ විෂයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ.

ඔබේ ප්‍රථම ආදරේ ගැන කතා කරන්න කැමැතිද,
ඇත්තටම ප්‍රථම ආදරේ ගැන මං කතා කරන්න කැමැතිම නැති තරම්.

මොකද ඒකට වුණේ?
ප්‍රථම ආදරේ අතහරින්න සිදු වුණා.

ඔබේ නිළිකම එයට බලපෑවද?
අනේ නැහැ. අපි දෙදෙනා අතරේ යම් යම් නොගැළපීම් තිබුණා. ඉතින් ඒ නිසා ඒක දුරදිග ගෙනි යන්නේ නැතුව අතරමඟ නැවැත්වුවා.

මේ වන විට ඔබ පෙම්වතියක් නෙවෙයි?
ඔව්. පෙම්වතියක් නෙවෙයි.

ප්‍රථම ආදරයෙන් ලද කම්පනය නිසාද එහෙම වුණේ?
ඒකම නිසා නෙවෙයි. ටිකක් නිදහසේ හිටිය නම් හොඳයි කියලා හිතුණා. නිදහස තමයි මට වටින්නේ.

ඔබ නිතර අගය කරන්නේ කවුද?
මගේ අම්මා තමයි මාව නිතරම අගය කරන්නේ. ඇය දන්නවා මං වැරදි මඟක යන්නේ නැහැ කියලා. මට බාල නංගිලා තුන් දෙනෙක් ඉන්නවනෙ. ඒ අයට ආදර්ශයක් වෙන්න මං ඉන්න ඕනනෙ.

කාවින්ද්‍යා ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩකම මොකක්ද?
ප්‍රථම ආදරය තමයි ඒකට දෙන්න පුළුවන් පිළිතුර.

මොකක්ද ඔබේ පෙට් නේම් එක?
ගොඩ දෙනෙක් මට කතා කරන්නේ කවි කියලා.

සාමාන්‍යයෙන් ඔබට කේන්ති යන්නේ මොන වගේ වෙලාවල්වලටද?
එහෙම වෙලාවක් කියන්න බැහැ. මට බොහොම ඉක්මනින් කේන්ති යනවා. මට කෙන්ති යන්න පොඩි දෙයක් ඇති.

නිළියක් විදිහට මොන වගේ ආහාර පාලනයකද ඔබ යෙදෙන්නේ?
විශේෂයෙන් මේ මේ ආහාර කන්නේ නැහැ කියලා මං හිතාගෙන නැහැ. ඕනෑම දෙයක් කනවා. හැබැයි රෑට ආහාර ගන්නවා අඩුයි.

නින්දට පෙර මොනවද ඔබ කරන්නේ
මං බෞද්ධ කෙනෙක්. හැබැයි කතෝලික ආගමටත් බොහොම ළැදියි. මේ ආගම් දෙකම සිහි කර ගනිමින් තමයි මං නින්දට යන්නේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!