කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
ඒ මෙරට හත්වැනි කොරෝනා මරණය ලෙසින්.
මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවත් ජර්මනියේ සංචාරයක යෙදී සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
