යුද හමුදාව විසින් ගත වූ කාලයේදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉදි කරන ලද සියළුම ගොඩනැගිලි එහි වැසියන්ට ප්‍රයෝජනයට ගත හැකි අන්දමට ඉතිරි කොට ඔවුන් එම පළාතෙන් මුළුමනින්ම 31 දා වන විට ඉවත්ව ගොස් තිබෙනවා.
යුද සමයේදී ආරක්ෂාව තහවුරු කිරීම පිණිස යුද හමුදාව මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හා සීනිමෝට්ටෙයි යන පළාත් වල ඉඩම් අක්කර 132 ක් ප්‍රයෝජනයට ගෙන සිටි අතර එම ඉඩම්ද පසුගියදා උත්සවශ්‍රීයෙන් යුතුව මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මිය වෙත බාර දී තිබුණා.
යුද හමුදාවට මේම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායකයින් බල කොට සිටි අතර ගම්වැසියන් යුද හමුදාව රැදී සිටීමට එරෙහිව දින 300 ක් අඛණ්ඩ විරෝධතාවයකද නිරතව සිටියහ.
යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් යළි පදිංචි කරවීමේ කටයුතු මුලතිව් දිසාපති කාර්යාලය මගින් දැන් ආරම්භ කොට තිබේ.
