පසුගිය දින 19 ක කාලය තුළ කිසිඳු COVID – 19 වෛරසය අසාදිත පුද්ගලයෙකු සමාජයෙන් හමු වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව සදහන් කළේ COVID – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දීය.
මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිට වූ රෝගීන් ගණන 587 ක් බව සදහන් කළ අමාත්‍යවරිය 434 දෙනකු රෝහල් ගත කර ඇති බවත් සඳහන් කළාය.
මේ වන විට වකුගඩු අබාධිත සහ වකුගඩු රෝගී පුද්ගලයින්ට රුපියල් 5000 ක දීමනාව 797,635 දෙනකුට මැයි මස දීමනාව ලබා දීමට වත්මන් රජය විසින් කටයුතු කොට ඇතැයි ද අමාත්‍යවරිය පැවසීය.
එමෙන්ම මේ දිනවල ඔවුන්ගේ මැයි මස දීමනාව වශයෙන් රුපියල් මිලියන 3,988 ක් ලබා දීමට කටයුතු කරමින් පවතින බවත් රුපියල් 5,000 ක සහනාධාර වශයෙන් පවුල් 5,071,892 කට රුපියල් මිලියන 25,359 ක මුදලක් ඉදිරි දින වල දී ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළාය.
මෙම සහනාධාර මුදල් ඉදිරි දින කිහිපයේ දී සමෘද්ධි සංවර්ධන නිළධාරීන් මඟින් ලබා දෙන බවත්, පවත්නා සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාව විශාල වශයෙන් ගැවසීම වැලැක්වීම පිණිස එක් වරකට 100 දෙනකුට බැඟින් එම මුදල් ලබා දෙන ලෙස උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
