මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ට අමතරව ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මන්දයත් දේශපාලන පක්ෂවලට වඩා ස්වාධීන කණ්ඩායම් රැසකින් ද අපේක්ෂයින් රැසක් මෙවර තරඟ බිමට එක්ව සිටින නිසාය. එයිනුදු කොළඹ දිස්ත්‍රීක්කයේ අංක 13 ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් 22 දෙනාගෙන් 14 දෙනෙකුගේම නම් ආරම්භ වන්නේ උදය යන නම මුලින් ඇතිවය.
කාටත් හුරුපුරුදු නමක් වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාද එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
මේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය එය සඳහන් කර තිබූ අයුරුය. මෙම ස්වාධීන කණ්ඩායම හෙලිකොප්ටරය ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටී.
