කොළඹ බණ්ඩාරනායක මාවතේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟ එම ප්‍රදේශයේ නිරෝධනයට ලක්කළ පුද්ගලයන් 232 දෙනකුගෙන් 55 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවැසීය.
මෙම පිරිස් වලින් 19 දෙනකු අංගොඩ අයි.ඩී.එච්. රෝහලටද,තවත් 6 දෙනකු වැලිසර රෝහලට ද, ඉතිරි පිරිස නිරෝධායන කඳවුරු වලින් ළඟම ඇති රෝහල්වලටද යොමුකිරීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම කීය.
එම ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාවගෙන් මෙම වෛරසය මෙම පිරිසට වැළදෙන්නට ඇතැයි සැකකරන බවද හේ කීය.
මෙම කොරෝනා වෛරසය ආසාදිත එම කාන්තාවගේ සැමියා සහ දරුවන්ද නිරෝධායනයට යොමුකර ඇතැයිද හෙතෙම කීය.
මෙම කාන්තාව මෙරටට පැමිණි දින සිට අසනීප තත්ත්වය මත පැරසිටමෝල් පානය කරමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයිද හේ කීය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
“නිරෝධායන ඇඳිරි නීතිය පාරේ ක්‍රියාත්මක වුණාට කොළඹ මහල් නිවාසවල, වතු ඇතුලේ,ළඟ ළඟ ගෙවල් ඇති පරිසර තුළ ජීවත්වන ජනතාවගෙන් බොහෝ දෙනා සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කරන්නේ නැහැ.ඒ බොහෝ දෙනා මුඛ ආවරණ පළදින්නේ නැහැ.සමාජ දුරස්ථ භාවය තියාගෙන කටයුතු කරන්නේ නැහැ.මේ නිසා වෛරසය පැතිර යාමේ ඉඩකඩ වැඩියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
