Gossip

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා රෝගීන් 49ක්

අද (16දා)  සවස 3,30 වන විට දිවයිනෙන් වාර්තා වී තිබු කොරෝනා වෛරස් ආසාදිතයින් 238 දෙනාගෙන් බහුතරය වන ආසාදිතයින් 49 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

තවත් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකුද ,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකුද ,යාපනය දිස්ත්‍රික්කයෙන් 14 දෙනෙකු  මහනුවර දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙකුද  වාර්තා වී තිබේ .සෙසු රෝගීන් මහනුවර 07 , රත්නපුර 05 ,කුරුණෑගල 02 ,මාතර 02 ,කල්මුණේ 02 ,කෑගල්ල 02 ,ගාල්ල  01 ,මඩකලපුව 01 ,බදුල්ල 01 ,වවුනියාව 01 වශයෙන් වාර්තා වී තිබේ .

මේ අනුව දැනට කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක 15කින් වන අතර ඔවුන්ද බොහෝ දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී නීරෝධායනය වෙමින් සිටියදී සිදු කරන ලද පරීක්ෂනවලදී  කොරෝනා වෛරස් ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ නීරෝධායන මධ්‍යස්ථානවලදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ගේ  සංඛ්‍යාව  38කි .මෙතෙක් දිස්ත්‍රික්ක 11 කින්  කිසිදු කොරෝනා ආසාදිතයෙකු සොයා ගෙන නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!