Gossip

කොළඹ කෝටිපති යුවළක් මෙහෙයවූ මීගමුවේ සුපිරි ගණිකා මඩම වැටලූ මෙහෙයුම

කොළඹ ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති යුවළක් විසින් මීගමුව සංචාරකපුරයේ කැරොකේ සමාජ ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ළාබාල සුරූපී තරුණියන් යොදවා පවත්වාගෙන ගිය බව කියන සුපිරි ගණිකා මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තිය සඳහා එහි රැඳී සිටි බව කියන ළාබාල තරුණියන් හයදෙනකු සහ එහි කළමනාකරු කොච්චිකඬේ පොලිසිය විසින් 16 දා අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සුපිරි ගණිකා නිවාසය මීගමුව සංචාරක පුරයේ පළඟතුරය යන ප‍්‍රදේශයේ වෙරළ තීරයේ පිහිටා තිබිණි. මෙම ගණිකා නිවාසය හේතුවෙන් අවට ප‍්‍රදේශවාසීන්ට බලවත් හිරිහැරයක් බවට ලද පැමිණිලි අනුව මෙම වැටලීම කොච්චිකඬේ පොලිසිය විසින් සිදුකර ඇත්තේ පෙරේදා (16 වැනිදා) අලූයම 3.00 ට පමණය. එහිදී එම ගණිකා මධ්‍යස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන ළාබාල සුරූපී තරුණියන් හයදෙනකු සහ එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම ගණිකා නිවාසය හිමිකරුවන්වනුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති යුවළක් බවය.
එම යුවළ විසින් මෙම ගණිකා මධ්‍යස්ථානය දැනට මසකට පමණ පෙර සිටම පවත්වාගෙන ගොස් ඇත්තේ සංචාරකපුරයේ පිහිටි සුපිරි සංචාරක අවන්හලක් ලෙසිනි.
පසුව ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් එම අවන්හල සුපිරි ගණිකා නිවාසයක් බවට පත්කර ගෙනඇත.
එහි රැඳීසිට අත්අඩංගුවට ගත් ළාබාල සුරූපී තරුණියන් හය දෙනා වයස අවුරුදු 18-23 අතර වයස්වල පසුවන අතර ඔවුන් නුගේගොඩ, නැදිමාල සහ දෙහිවල යන ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව දැනගන්නට ඇත. අත්අඩංගුවට ගත් තරුණියන් ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැුඳී සිටීමේ චෝදනාව මත පාදඩ ආඥා පනත යටතේ සහ එහි කළමණාකරු ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
මෙම සැකකරුවන් අධිකරණය හමුව ඉදිරිපත් කළ අවස්ථාවේ මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රීමාල් අමරසිංහ මහතා විසින් සැකකරුවන් රුපියල් ලක්‍ෂ 5 බැගින් පිළිගත හැකි ශරීර ඇපකරුවන්ගේ ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කළේය.
ඊට අමතරව එම තරුණියන් විසින් වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමුවී සමාජ රෝග පරීක්‍ෂණයට ඉදිරිපත්වී එහි වෛද්‍ය වාර්තාවන් අගෝස්තු මස 20 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රීමාල් අමරසිංහ මහතා නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!