පර්‌යේෂණාත්මක ඖෂධයක් වන රෙමෙඩිසිවර් (Remdesivir) ලබාදුන් කොවිඩ් 19 රෝගීන් රැසක් ඉක්මන් සුවයක් ලබා ඇතැයි ඇමරිකාවෙන් වාර්තා වේ.
සී.එන්.එන්. (CNN) පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට චිකාගෝ විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැත්ලින් මුලන් ප්‍රකාශ කර ඇත්තේ ඖෂධයේ සායනික පරීක්ෂණවලට සහභාගි වූ රෝගීන් සියලුදෙනාටම සතියක කාලයක් ඇතුළත සුවය ලබා රෝහලින් පිටව යෑමට අවකාශ ලැබුණු බවයි.
මෙම රෝගීන් සියලුදෙනාම දැඩි ලෙස ශ්වසන අපහසුතා සහ අධික උණ තත්ත්වයන්ගෙන් පෙළුණු බවද ඇය ප්‍රකාශ කර තිබේ.
දරුණු නිව්මෝනියාව සහ උග්‍ර ශ්වසන අපහසුතා සහිත කොවිඩ් 19 රෝගීන් සඳහා මේ වනතුරුත් අනුමැතිය ලබාදී නොමැති රෙමෙඩිසිවර් ඖෂධය එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වෙනස් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් වෙනුවෙන් යොදා ගන්නකි.
එය කොවිඩ් 19 වෛරසයට නෑකම් කියන සතුන් තුළ ඇති වෙනත් කොරෝනා වෛරස කිහිපයකටම සාර්ථකව ප්‍රතිචාර දක්වන බවත් සාර්ස් (Sars) සහ මර්ස් (Mers) යන රෝග සඳහා සාර්ථකව උපයෝගී කරගෙන ඇති බවත් සීඑන්එන් වාර්තාව ප්‍රකාශ කරයි.
