කොවිඩ් – 19 වසංගතය මැඬලීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය පළ කිරීමක් ලෙස ලබන 11 වැනිද දින සිට තම සාමාජිකයන්ගේ දෛනික ආදායමෙන් රුපියල් 100 ක මුදලක් රජයට ලබාදීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පවසනවා.
මේ වන විට ත්‍රිරෝද රථ රියැදුරන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම මෙන්ම ලීසිං පහසුකම් සැලසීම උදෙසාද රජය පියවර ගත් බැවින් ලක්ෂ අටහමාරක සාමාජික සංඛ්‍යාවක් සිටින තම සංගමයට රජයට මෙම දායකත්වය සැපයීමේ හැකියාව පවතින බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.