Gossip News

කොවිඩ් ආසාදිත කාන්තාවක් මොරටුවෙන් හමුවෙයි – මොරටුවේ ප්‍රදේශයක් හුදකලා කරයි..

වයස අවුරුදු 60ක කොවිඩ් ආසාදිත කාන්තාවක් මොරටු, මොරටුමුල්ල, ප්‍රේමරත්න මාවත ප්‍රදේශයෙන් හමුවීමත් සමග මොරටුමුල්ල කුසගිනිවත්ත නමින් හඳුන්වන ප්‍රදේ​ශය වසා දැමීමට ඊයේ (15 වැනිදා) තීරණය කළ බව මොරටුමුල්ල පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි.

කොවිඩ් ආසාදිත එම කාන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ නෑදෑහිතවතකුගේ මංගල උත්සවයකට සහභාගි වී ඇත. ඇයත් සමග 170 දෙනකුට අධික පිරිසක් බස් රථයකින් එම උත්සවයට සහභාගි වී ඇති බව අනාවරණය වී තිබේ.

කොවිඩ් ආසාදිත කාන්තාව මොරටුමුල්ල තාපසාරාම විහාරස්ථානයේ කඨින පින්කමටද සහභාගි වී ඇති අතර මෙම කාන්තාව පදිංචි ප්‍රදේශය මේ වනවිට හුදකලා කිරීමට පියවර ගෙන ඇත. මොරටුමුල්ල ශු.පාවුල්තුමාගේ දේවස්ථාන පරිශ්‍රයේදී ඊයේ මෙම ප්‍රදේශයේ සිටලුදෙනාටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරිණි.

දිවුලපිටියේ එම මංගල උත්සව අවස්ථාවට සහභාගි වූ ​මොරටුමුල්ල ප්‍රදේශයේ තවත් අය සිටී නම් ඉදිරිපත් වන ලෙස මොරටුමුල්ල පොලිසිය, එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මොරටුව මහ නගර සභාව ඉල්ලා සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!