සුරාසල් වසා දැමීම නිසා අඩු වූ හා අඩුවන හදිසි අනතුරු සංඛ්‍යාව පිළිබඳ විගණනයක් ඊයේ (21 වැනිදා) සිට ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට සිදුවන මරණ අනුපාතය දුම්බිම නිසා කිහිප ගුණයකින් වැඩි වන බවද එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කරයි.
එබැවින් ඇඳිරිනීතිය ඉවත් කළද මෙම වසංගතය ව්‍යාප්ත වීමට ඇති අවදානම අහෝසි වී නොමැති නිසා දුම්බීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා කීවේය.
පසුගියදා සුරාසල් විවෘත කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නැවත වෙනස් කිරීම පිළිබඳව සිය සංගමය ස්තුතිය පළ කර සිටී.
