කොව්ඞ්-19 වෛරසය තවමත් ලෝකයට අලූත්. ඒ නිසාම මේ වසංගතය පාලනයට වගේම ප‍්‍රතිකාර සඳහා ලොව පුරා වෛද්‍ය විශේෂඥයින් වගේම විද්‍යාඥයින් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ පර්යේෂකයින් විසින් අවධානය දක්වන යුගයක්.මේ අනුව රෝගය ඇති කරන නව කොරෝනා වෛරසය SARS CoV2 ලෙස හැඳින්වේ. මෙහි ප‍්‍රභේද තුනක් A B සහ C ලෙසින් දැනට හඳුනාගෙන තිබේ.
මේ අතර ශ‍්‍රි ලංකාවේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පර්යේෂණයක් සිදු කරන ලදී. මෙම අධ්‍යනය සඳහා COVID-19 රෝගීන්ගේ ජෛව සාම්පලවලින් වෙන්කර ගත් RNA දත්ත සැකැස්ම විශ්ලේෂණය කරන ලදී.
ඉතිහාසයේ මුල්ම වතාවට වෛරසයක ජාන සැකැස්ම හඳුනාගත් අවස්ථාවක් ලෙසින් වෛද්‍ය ඉතිහාසයට වාර්තාවක් එක් කිරීමට මහාචාර්ය නිලිකා මලවිගේ සමත්ව සිටින්නීය. මේ ගැන අදහස් දක්වන මහාචාර්යවරිය බි.බී.සී පුවත්පත් සේවයට අදහස් දක්වමින් කියා සිටින්නේ…මේ පර්යේෂණය ශ‍්‍රි ලංකා ඉතිහාසයේ වෛරසයක ජාන සැකැස්ම සොයා ගත් මුල්ම අවස්ථාවයි. මෙතෙක් සිදු වුනේ වෛරසයක ප‍්‍රවේණිගත ලක්ෂණ සහිත Ribo Nucleic Acid වෙන්කර ගෙන වෙනත් රටක රසායනාගාරයක් වෙත යැවීමයි. වෛරසයේ ප‍්‍රභේදය අනුව සංකුලතා වෙනස් වෙන නිසා ලංකාවේ පැතිරෙන වෛරසය ගැන නිවරැඳි හඳුනා ගැනීමට මෙය වඩාත් සාර්ථක අවස්ථාවක්…’’
ඒ අනුව ශ‍්‍රි ලංකාවේ ඇති වෛරසය A කාණ්ඩයට අයත් ප‍්‍රභේදයක් ලෙසින් හඳුනා ගෙන තිබේ. මෙම A ප‍්‍රභේදය ඇමරිකාව සහ ඔස්ටේ‍්‍රලියාවෙන් වැඩි වශයෙන් වාර්තා වේ. කොරෝනා ගැන සඳහන් කරත්ම සිහියට නැගෙන චීනයේ ‘‘වුහාන්’’ ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ B කාණ්ඩයේ ප‍්‍රභේදයක් බවත් මහාචාර්යවරිය විසින් සඳහන් කර තිබේ.
රට රටවල මරණ අඩු වැඩි වීමට හේතුව…
වෛරස ආසාදනයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙන් මරණ වැඩි වශයෙන් වාර්තා වේ. ඊට සාපේක්ෂව තායිලන්තය,මැලේසියාව සහ සිංගප්පුරුව වැනි රටවලින් වාර්තා වෙන මරණ සංඛ්‍යාව අඩු අගයක පවතී. මේ වෙනසට හේතුවත් වෛරසයේ ස්වභාවය බැව් විද්‍යාඥයින්ගේ උපකල්පනය වී තිබේ.
