ටික් ටොක් ඇතුළු චීන දුරකථන යෙදුම් 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
මෙම දුරකථන යෙදුම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට, ආරක්ෂාවට සහ මහජන සාමය යන කරුණුවලට අගතියක් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසනවා.
ඒ අනුව ටික් ටොක්, වී චැට්, යූ සී බ්රවුසර් වැනි චීන නිෂ්පාදිත යෙදුම් 59ක් තහනම් කර තිබෙනවා.
විශේෂයෙන් කාෂ්මීරයේ ලඩාක් කලාපයේ ඉන්දීය සහ චීන ගැටුම් ඇති වීම හේතුවෙන් මෙම තහනම ක්රියාත්මක කර ඇති බව සඳහන්ය.
පසුගිය 15 වන දින අදාළ ප්රදේශයේ සිදුවු ගැටුම්වල දී ඉන්දීය හමුදා සාමාජිකයින් 20 දෙනෙකු මියගිය අතර අනතුරුව අදාළ ප්රදේශයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය පියවර ගනු ලැබුවේය.
