Gossip

කොරෝනා වෛරස් ආසාදිත රෝගින් දෙදෙනාගේ නවතම තත්වය මෙන්න

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඔවුන් සඳහා මේ වන විටත් විශේෂ ප්‍රතිකාර ක්‍රම යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට තවදුරටත් දැනුම් දෙන්නේ මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසටයි.

මෙම තත්ත්වයත් සමඟ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට විශේෂ වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.මේ අතර, කොරෝනා වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

මේ වන විට පාසල්වලට සහ දහම් පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා.එම තීරණයට අනුව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සියළු පෙරපාසල් සඳහා ද අද සිට ලබන මස 20 දක්වා නිවාඩු ලබාදෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.යුනිසෙෆ් සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.කොරෝනා වෛරසය වාතයේ නොව භූමියේ සැරිසරන බවත්, එබැවින් එය වාතයෙන් සම්ප්‍රෙක්ෂනය වීමේ හැකියාවක් නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!