ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට මියගිය ගණන 6,500 ක් ඉක්මවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේය, වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන යුරෝපා රාජ්‍යයන් තුනෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව ඊයේ(15) වාර්තා වී ඇති බවයි.
ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ඇති නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 6,500 ඉක්මවයි.
වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ඉක්මවන අතර අතර සුවය ලැබූ පිරිස 76,000 කට අධිකයි.
චීනයේ වූහාන් නුවරින් ඇරඹි කොරෝනා වෛරසය කෙටි කාලයක් තුළ පාලනය කිරීමට චීනයට හැකි වීම විශේෂත්වයක්.
ඊයේ දිනයේ දී චීනයෙන් නව ආසාදිතයින් 16 දෙනෙකු සහ මරණ 14කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
අද වනවිට නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති යුරෝපයේ ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රාජ්‍යයන්වලින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා විය.
චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් මරණ1,809 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් ගණන 24,747ක්.
ඉතාලි සෞඛ්‍යය අංශ ප්‍රකාශ කළේ ගත වූ පැය 24 තුළ නව මරණ 368ක් වාර්තා වී ඇති බවයි.
ඉතාලියට පසුව යුරෝපායේ වැඩිම බලපෑමට ලක්ව ඇති අනෙක් රාජ්‍ය වන්නේ ස්පාඤ්ඤය වන අතර එරටින් ආසාදිතයින් 7,844ක් හමු වී තිබේ.
මරණ 288, දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඊයේ දිනයේ දී නව මරණ 97කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟයි.
මේ අතර ප්‍රංශයෙන් ආසාදිතයින් 5,423 ක් සහ මරණ 127ක් වාර්තා වාර්තා වෙයි.
එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 1,391 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ ගණන 35ක්.
නව කොරෝනා වෛරසයෙන් මහලු පුද්ගලයින්ට දැඩි අවධානමක් පවතින අතර ආරක්ෂිත පියවරක් ලෙස වයස අවුරුදු 70 ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම දීර්ඝ කාලයක් නිවෙස් තුළම රඳවා තැබීමේ ක්‍රමවේදයක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
