පසුගිය සති 6 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගිය ද ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ හැකියාවක් තවදුරටත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් සඳහන් කළේ ඉතාලිය, ස්පාඤ්ඤය, දකුණු කොරියාව මෙන්ම මුම්බායි හි පිහිටි ලොව විශාලතම පැල්පත් ජනාවාසයෙන් ඒ සඳහා උදාහරණ සපයා ගත හැකි බවයි.
දැඩි පියවර තුළින් එහි වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිව තිබෙනවා. ඒ සඳහා සමාජය තුළ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර, පරීක්ෂාව, හඳුනා ගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම තුළින් වෛරසය පැතිරීමේ දාමය බිඳලිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
එමෙන්ම, රටවල් තුළ කොවිඞ් නයින්ටීන් වසංගතය පාලනය කිරීම සඳහා ජාතික එකමුතුභාවය මෙන්ම ගෝලීය සහෝදරත්වය වැදගත් වන බව ද එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් අවධාරණය කළා.
