Gossip

කොරෝනා වෛරසය නිසා මියගිය බව කියූ කාන්තාව පණ පිටින් හමුවෙයි – Photos

කොරෝනා වෛරසය නිසා මියගිය බවට නිගමනය කර නිවසට භෂ්මාව ශේස ලබාදුන් 74 හැවිරිදි කාන්තාවක් දින කිහිපයකට පසුව ජීවත්ව සිටියදී සොයාගත් පුවත් විදෙස් රටකින් වාර්තා වනවා.
ඉක්වදෝරයෙන් මෙම පුවත වාර්තා වූ අතර මාසයකට පමණ පෙර ඇල්බා මරූරි නම් මෙම කාන්තාව මියගිය බව රෝහලෙන් සඳහන් කර ඇයගේ යැයි කියූ භෂ්මාව ශේෂද පවුලේ අයට ලබා දී තිබෙනවා.
ඉන් පසුව සති තුනක් පමණ කෝමා තත්ත්වයෙන් සිටි ඇය ඉන් අවදිවී තම සොහොයුරියට කතා කළයුතු යැයි රෝහල් වෛද්‍යවරුන්ට දන්වා තිබෙනවා.
එය ඇසූ පවුලේ අය සතුටට පත්වුවද තමන්ට ලැබුණු භෂ්මාව ශේෂ කාගේදැයි විමතියට පත්ව ඇති බවත් සඳහන්.
අදාල රෝහල මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වල සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!