Gossip

කොරෝනා වෛරසය එළියට ආවේ වුහාන් පර්යේෂණාගාරයකින්ද ?

කොරෝනා වෛරසය පැතිරීම ඇරඹි චීනයේ වුහාන් නගරයේ පිහිටි වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින් එම වෛරසය මිනිසුන් අතර පැතිර යාමට හේතු වී ඇති බවට විද්‍යාඥයින් විසින්  විශ්වාස කරන ගුහාවන් තුළ වාසය කරන වවුලන් පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා ඇමරිකානු රජයෙන් ඩොලර් මිලියන 3.7ක් ප්‍රදානයක් ලබා ගෙන ඇති බව බ්‍රිතාන්‍යයේ “ඩේලි මේල් ” පුවත්පත වාර්තා කර තිබේ.

මෙම ඇමරිකානු අරමුදල් භාවිත කරමින් වුහාන් වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින් වවුලන් සම්බන්ධයෙන් සිදු කර තිබෙන බව කියන පර්යේෂණය හේතුවෙන් චීනය තුළ කොරෝනා වෛරසය පැතිර යාමට හේතු වී ඇත්තේ තාවකාලිකව වසා දමන ලද වුහාන් හි සත්ත්ව වෙළඳපල නොව අදාළ ආයතනයේ පර්යේෂනාගාරය බවට සැක පහළ වී ඇති බව “ඩේලි මේල්” පුවත්පත පවසයි.

මෙසේ මාරාන්තික කොරෝනා වෛරසය පැතිර යාමට හේතු වූ සත්ත්වයෙකු පිළිබඳව භයානක පර්යේෂණයක් කිරීමට වුහාන් වෛරස්වේදය පිලිබඳ ආයතනයට අරමුදල් සැපයීම පිළිබඳව ඇමරිකානු නීති සම්පාදකයින් හා පීඩන කණ්ඩායම්වල විරෝධය ඇමරිකානු රජය වෙත එල්ල වී ඇති බව ඉහත කී පුවත්පත් වාර්තාවේ දැක්වේ.

ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකු වන මැට් ගෙට්ස් පවසා ඇත්තේ වුහාන් වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින් වසර ගණනක් මුළුල්ලේ පවත්වා ඇති අතිශයින් භයානක වවුලන් පිලිබඳ පර්යේෂණය පිළිබඳව දැනගැනීමට
ලැබීම නොසතුටට කරුණක් බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමින් ඉදි කර ඇති වුහාන් වෛරස්වේදය පිලිබඳ ආයතනය මෙවැනි පරයේෂණ සිදු කිරීම සඳහා  චීනයේ පවතින ප්‍රධාන පෙළේ අති නවීන පහසුකම්වලින් සමන්විත  පර්යේෂණාගාරය ලෙස සැළකේ.

විදෙස් මාධ්‍යයන් විසින් හෙළි කර තිබෙන තොරතුරුවලට අනුව වුහාන් වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින්  වවුලන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ ව්‍යපෘතියක කොටසක් වශයෙනි .එම ව්‍යාපෘතිය වුහාන් ආයතනයේ ඉදිරි පර්යේෂණ සඳහා ඇමරිකානු අරමුදල් ලබාදීම පිලිබඳ සහතිකයක් වැනි බව පැවසේ.

වුහන් වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින් පර්යේෂණයට ලක් කර ඇත්තේ මිනිසා අතර දරුණු ලෙස පැතිර යන කොරෝනා වෛරසය පැතිර යාමට මුලාශ්‍ර වූ ස්ථානයක සිටි වවුලන් බවද වාර්තා වී තිබේ .මෙම වවුලන් අල්ලා ගෙන ඇත්තේ යුනාන් ප්‍රදේශයට සැතපුම් 1000කට අධික දුරක පිහිටි ස්ථානයකිනි .මෙම ආයතනය පිහිටා ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාමත්  සමගම වසා දැමුණු වුහාන් සත්ත්ව වෙළඳපලට සැතපුම් 20 ක පමණ දුරකින් බවද අනාවරණය වී තිබේ.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!