Gossip

කොරෝනා වෛරසය ආසාදනවී සුවවූ අනුරාධපුර කාන්තාවට නැවතත් වෛරසය ආසාදනය වෙයි

කොවිඩ්-19 ආසාදනයවී මෙරටට පැමිණ රෝහල් ප්‍රතිකාර ලබා සුව වී නිවසට ගොස් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි අනුරාධපුර,කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට යළි කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (15 වැනිදා) අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
මෙම කාන්තාවට කොවිඩ් වයිරසය ආසාදනය වී මෙරටට පැමිණි පසු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී තිබෙනවා.
ඇය නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ක්ලාන්තය සහ හිසරදය ඇතිවීම නිසා රෝහල්ගත වී ඇති බවයි වාර්තා වුණේ.
ඇය සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ඇතිවූ රෝග ලක්ෂණ මත පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!