නව කොරෝනා වෛරසයෙන් වැළකීම සඳහා නවදිල්ලි වැසියන් ගව මුත‍්‍රා බොන බව හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.
හින්දු මහසභාව නම් සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී කේතලයකින් ගව මුත‍්‍රා පානය කරන තරුණයන්ගේ සේයාරූ පවා මෙම පුවත්පතේ පළවී තිබිණි.
මෙම වැඩසටහන සංවිධානය කළ හින්දු මහා සභාවේ සභාපති ස්වාමි චක‍්‍රපානි ප‍්‍රකාශ කර ඇත්තේ නව කොරෝනා වෛරසය මාංශ ආහාර ගන්නා පුද්ගලයන්ට දඬුවම් දීම සඳහා පැමිණි අවතාරයක් බවයි.
සතුන් ඝාතනය කරන පුද්ගලයන්ට මේ වෛරසය හරහා දඬුවම් ලැබෙන බව ස්වාමි කියයි.
