කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා 70 හැවිරිදි ඇමෙරිකානුවකු මරණයට පත්වී ඇත.
එය ඇමෙරිකාවෙන් වාර්තා වූ දෙවැනි කොරෝනා ආසාදිත මරණය වනවා.
මේ දක්වා ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 89 ක්.
නිව්යෝර්ක් නගරයෙන් පවා රෝගීන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසා ඇත්තේ ඉදිරියටත් මරණ වාර්තා විය හැකි බවයි.
මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 88443 ක් වාර්තා වී ඇති අතර, මරණ 3041 ක් සිදුව තිබේ. මෙයින් මරණ 2912 ක්ම වාර්තා වී ඇත්තේ චීනයෙන්.
ඇමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරන රෝගීන් 213 ක් පිළිබඳවද වෛද්‍යවරුන් විමසිලිමත්ව නිරීක්ෂණය කරන බවයි.
