කොරෝනා බවට සැක කරමින් පොළොන්නරුව රෝහලට ඇතුලත් කළ දෙදෙනෙකු අයි.ඩී.එච් රෝහලට මාරු කර ඇති බව වාර්තා වනවා.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ ඉතාලියේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.
අනෙක් පුද්ගලයා පසුගිය 6 වැනිදා ඉතාලියේ සිට මෙරටට පැමිණ සෝමාවතී පුදබිමේ සංචාරය කර පසුව උණ රෝගය නිසා පොළොන්නරුව රෝහලට ඇතුලත් කළ අයෙක්.
කොරෝනා රෝග වෛරසය ආසාදානය වූ බවට සැලකෙන පළමු ශ්‍රී ලාංකිකයාට සේවය සැපයූ හබරණ ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක තරුණයෙකුද අනුරාධපුර රෝහල වෙතයොමු කර ඇති බව වාර්තාවනවා.
තවද එම සම්භාහන මධ්‍යස්ථානය නිරෝධායනය කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම රියදුරාගේ පවුලේ සාමාජිකයන්ට වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.
