කොරෝනා වෛරසය ආසාදනය වී සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටි ඉන්දීය සුරූපී නිළි අයිශ්වර්යා රායි සහ ඇයගේ දියණිය මුම්බායි හි පිහිටි රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා..
පසුගිය සිකුරාදා මොවුන් මුම්බායි හි පිහිටි ”නැණවති” රෝහල වෙත ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
අයිශ්වර්යා රායිට මෙන්ම ඇයගේ සැමියා වන අභිෂේක් භච්චන්, මාමණ්ඩිය වන 77 හැවිරිදි ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන් සහ දියණිය ආරාධ්‍ය භච්චන් පසුගිය දා කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනි. කෙසේ වෙතත් අයිශ්වර්යා රායිගේ නැන්දණියට වෛරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අයිශ්වර්යා රායි සහ ඇයගේ දියණිය, වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව මුම්බායි හි පිහිටි භච්චන් පවුලට අයත් ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබුණි. කෙසේ වෙතත් මේ වන විට ඇය සහ දියණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා නැණවති රෝහලට ඇතුළත් කර ඇති අතර වෛරසය ආසාදනය වූ ඇයගේ සැමියා සහ මාමණ්ඩිය ප්‍රතිකාර ලබන්නේ ද මෙම රෝහලේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
