Gossip

කොරෝනා වසං කළා කියලා ඇමෙරිකානු නීතිපතිවරයෙක් චීනයට නඩු පවරලා.

කොරෝනා වසංගතය පිළිබඳව ලොවට කරුණු වසං කිරීමෙන්  හා වසංගතයේ සැබෑ ස්වරුපය යටපත් කිරීමෙන් ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන  ගණනක හානි සිදු කිරීමේ චෝදනාවලට වන්දි ඉල්ලා  චීනයට එරෙහිව නඩු පැවරීමට ඇමරිකා එක්සත් ජනපදයේ  මිසුරි ප්‍රාන්තයේ නීතිපති  එරික් ෂ්මිට් විසින් ඊයේ  (21දා) පියවර ගත්තේය  .

මෙම නඩුව නැගෙනහිර මිසුරි ප්‍රාන්තයේ දිස්ත්‍රික් උසාවියේ පනවා ඇති අතර  ඒ හරහා චීනය විසින් කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වූ පසු එය මිනිසාගෙන් මිනිසාට බෝවන  බව  මුලදී ප්‍රතික්ෂේප කිරීම ,වසංගතයේ සැබැ තොරතුරු හෙළිදරව් නොකර නිහඬව සිටීම හා වසංගතය පැතිරීම පාලනය කිරීමට පියවර නොගැනීමෙන් එය ලොව පුරා පැතිරීමට ඉඩ හැරීම  යන  චෝදනා නගා තිබේ .

රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන මිසුරි ප්‍රාන්තයේ නීතිපතිවරයා මෙම නඩුව හරහා මුළු ලොවම අක්‍රීය කර ඇති කොරෝනා වෛරසය නිසා  විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වීම  ,ජනතාව පීඩාවට පත් කිරීම  ,සැම මිසුරි  ප්‍රාන්ත වැසියෙකුටම බලපාන පරිදි ආර්ථිකය  බිඳ දැමීම යන තත්ත්වයන් සම්බන්ධයෙන් චීනයෙන් වන්දි මුදල් ලබා ගැනීමට අපේක්ෂා  කරන බව පවසා ඇත .කෙසේ වුවද චීනයෙන් ඉල්ලා සිටින වන්දි මුදල පිළිබඳව  පැමිණිලිකාර නීතිපතිවරයා හෙළිදරව් කර නොමැත .

කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කෙරෙන තොරතුරු හා සාක්ෂි ඉකුත් දෙසැම්බර් අග භාගය වන විට චීන සෞඛ්‍ය බළධාරීන් සතුව පැවතියද  ජනවාරි 20 වැනිදා වන තෙක් එසේ වෛරසය සම්ප්‍රේෂණය වන බව එම බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවටද පැමිණිලිකරු සිය පෙත්සමෙන් චෝදනා කර තිබේ .

මෙම නඩුව පවරා  ඇත්තේ රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ඉකුත් සිකුරාදා ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකට චීනයට එරෙහිව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි  නීතියක්  ඇමරිකානු  කොන්ග්‍රස්  මණ්ඩලයට  හඳුන්වා දීමෙන් අනතුරුවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!