Gossip

කොරෝනා රෝගීන් සුවපත් කරන ඖෂධයක් එංගලන්තය සොයා ගනී

ඇදුම ,ආත්රයිටිස් ,රුමැටික  ආබාධ ,සමේ රෝග ඇතුළු  රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා සරල  අඩු  මිලැති ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙතක් වන “ඩෙක්සමෙතසෝන් ”  දරුණු ලෙස රෝගාතුර වන කොරෝනා ආසාදිතයින්ට ලබා දීමෙන් ඔවුන් සුවපත් කළ හැකි බව එංගලන්තයේ වෛද්‍ය පර්යේෂකයින් විසින් අනාවරණය කර තිබේ.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා වන මහාචාර්ය ක්‍රිස් විටී පවසනුයේ මෙම සරල බෙහෙත මගින් ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගත හැකි බවයි. ” ඩෙක්සමෙතසෝන් ” බෙහෙත කොරෝනා  වෛරසයට එරෙහිව ක්‍රියා කරන බෙහෙත් වර්ග හඳුනාගැනීම සඳහා සිදු කෙරෙන ලොව විශාලතම බෙහෙත් අත්හදාබැලීමේ වැඩපිළිවෙල සඳහාද  යොදා ගෙන ඇති අතර අත්හදා බැලීමේදී හෙළි වී ඇත්තේ “ඩෙක්සමෙතසෝන් ”  ලබා දීමෙන් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට (වෙන්ටිලේටර් ) සවි කර සිටින අසාධ්‍ය තත්ත්වයේ පසු වන කොරෝනා ආසාදිතයින්  මිය යාමේ අවදානම තුනෙන් එකකින්ද ඔක්සිජන් ලබා දෙන එම ආසාදිතයින් මිය යාමේ අවදානම පහෙන් එකකින්ද   කපා හැරෙන බවයි.

පර්යේෂකයින් පෙන්වා දෙනුයේ කොරෝනා වසංගතය එංගලන්තයේ පැතිර ගිය මුල් අවධියේ මෙම බෙහෙත කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාරයක් වශයෙන් ලබා දුන්නේ නම්  සිදු වූ කොරෝනා මරණ 5000 ක් දක්වා වූ සංඛ්‍යාවක් වළක්වා ගත හැකිව තිබු බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින්   අදාළ බෙහෙත රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයින් 2000කට පමණ ලබා දීමෙන් එය ආසාධ්‍ය තත්ත්වයේ සිටින කොරෝනා ආසාදිතයීන්ට හොඳ ප්‍රතිපල  අත් කර දෙන බව අනාවරණය වී තිබේ .මෙම බෙහෙත කොරෝනා ප්‍රතිකාරයක් වශයෙන් යොදා ගැනීමෙන් වැඩි වාසියක් අත් වනුයේ කොරෝනා වෛරසයෙන් බැට කන දුගී රටවල්වලට  බව  විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!