Gossip

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන, ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිය කවුද..? බුකිය පුරා සැරිසරන කතාවේ ඇත්ත කතාව මෙන්න – Photos

මේ දවස්වල කොරෝනා වසංගතය මුල් කරගෙන බොහෝ අසත්‍ය පුවත් සමාජමාධ්‍ය හරහා හුවමාරු වෙනවා.
පසුගිය දවසක ඉතාලි වෛද්‍යවරුන් යුවළක් ගැන සංවේදී සටහනක් නිර්මාණය කර එය බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර තිබෙනවා දක්නට ලැබුණා.
කොහොම වුණත් එය ඡායාරූප ශිල්පියෙකු විසින් අහම්බයෙන් සිය කැමරා කාචයේ සටහන් කරගත් එකක් බව ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.
තවත් එවැනිම සිදුවීමක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
ඒ ලංකාවේ ගැබිණි වෛද්‍යවරියක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරමින් ඉමහත් කැපකිරීමක් සිදුකරන පුවතක් ගැනයි.
මෙහි සටහන් කර තිබුණේ..
පිටරටක නෙවෙයි මේ ලංකාවේ, දිවා රෑ නොබලා රෝගීන්ගේ සේවයට සම්බන්ධවූ ගර්භනී වෛද්‍යවරියක් ලෙසයි.
මෙම පුවත බොහෝ තැන්වල හුවමාරු වී තිබූ අතර එයට බොහෝ දෙනෙක් ප්‍රතිචාරද දක්වා තිබුණා.
මේ ගැන සොයා බලපු අපිට අනාවරණය වුණේ මෙම වෛද්‍යවරිය ලංකාවේ නොව මැලේසියාවේ වෛද්‍යවරියක් බවයි.
ෆේස්බුක් සටහනකට මෙම ඡායාරූපය අප්‍රේල් 14 වැනි දින එක්කර ඇති අතර එහි සඳහන් වූයේ් මැලේසියානු වෛද්‍යවරිය සති 30 ක ගැබිණියක් බවයි.
එමෙන්ම ඇය කොරෝනා රෝගීන් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!