Gossip

කොරෝනා රෝගය වැලඳි සිටින පුද්ගලයින් 49 සොයා විශේෂ විමර්ශනයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 49 දෙනකු පිළිබඳ තොරතුරු සොයා පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයන් සිටින ස්ථාන සහ තොරතුරු පැය 24 ක් තුළ අනාවරණය කරගත යුතු බව පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

මෙම 49 දෙනා ඉන්දියාව, සෝමාලියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව, කටාර් යන රටවලින් මාර්තු මස 01 සිට 19 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති අතර අක්කරෙයිපත්තුව පොතුවිල්, රාජගිරිය, අකුරණ, බදුල්ල, හලාවත, පුත්තලම, තිහාරිය, බේරුවල, මුන්දලම, කොළඹ, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, හක්මන, දුම්මලසූරිය, දික්වැල්ල, කොළොන්නාව යන ප්‍රදේශවල මොවුන් පදංචිව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!