ලෝකයේ ප්‍රබල රටවල් සියල්ලකම වගේ තම ආධිපත්‍ය පැතිරූ කොරෝනා වෛරසය මේ වෙද්දි ජීවිත 90,000 කට වැඩි ප්‍රමාණයක් බිළිගෙන තිබෙනවා.
මෙයින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
ඇමරිකාව මුහුණ දීලා තියෙන මෙම තත්වය හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයටද චෝදනා කර තිබුණේ ” චීනයේ ගැත්තන්” බව කියමින්.
එය එසේ වෙද්දී සෞඛ්‍ය බලධාරීන්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල කරමින් තිබෙන්නේ ඔහු මේ ගැන කිසිදු තැකීමක් නොකරන වගකීම් විරහිත දුර්වල නායකයෙකු බවයි.
එය එසේ වෙද්දී නිව්යෝක්හි කොරෝනා රෝගීන් ගිලන් රථවල ගෙඩා ගැසී සිටින අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප පෙලක් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
එහි දැක්වුණේ පැය 36 ක් තුල එක් නගරයක 1000 කට අධික පිරිසක් කොරෝනා වෛරසය නිසා මියයන බවයි.
ඇමරිකාවේ ප්‍රාන්තයක් පුරාම ඇමරිකානු ධජය අඩකුණු කර ඇති බවද වාර්තා වනවා.
කොරෝනා මරණ සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.
