ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලකදී කොරෝනා ආසාදිත මව්වරු 100කට වැඩි පිරිසක් නිරෝගී දරුවන් බිහිකර තිබේ.
මේ අතරින් දරුවන් 03 කු පමණක් පරීක්ෂණවලදී මුලින් ආසාදිතයන් බව පෙන්නුම් කළද පසුව ඔවුන්ද ආසාදිතයන් නොව බව තහවුරු විය.
දරු ප්‍රසූතිය සඳහා මෙම රෝහලට ඇතුළත් වූ ගැබිනි මව්වරු අතරින් දෙදෙනකු රෝහලේදී මිය ගොස් තිබිණි. ඉන් එක් අයකු මියගියේ දරු ප්‍රසූතියට පෙරය.
මෙම දරු උපත්වලින් හරි අඩක් පමණ ස්වාභාවිකව සිදු වූ ඒවාය. ඉතිරිය සිසේරියන් සැත්කම් මගින් සිදු කෙරිණි. දරුවන්ගෙන් 59 දෙනෙක් ගැහැනු දරුවන් වන අතර 56 දෙනෙක් පිරිමි දරුවෝ වෙති.
ආසාදිත මව්වරු අතරින් 22 දෙනකු මෙම රෝහලට යොමු කර ඇත්තේ වෙනත් රෝහල් වලිනි. මෙම මව්වරුන්ට වෛරසය ආසාදනය වූයේ නිවසේදීද පිටතදීද නැතිනම් රෝහලේදීද යන්න නිශ්චය කෙරී නැත.
ඔවුන් සඳහා ඇඳන් 40කින් සමන්විත විශේෂිත වාට්ටවුක් රෝහලේ පිහිටුවා තිබේ. වෛද්‍යවරු 65 දෙනකුගෙන් සහ හෙදියන් 25කට ආසන්න කාර්යමණ්ඩලයක සේවය එහිදී සැපයේ.
