ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට අට දහසකට ආසන්න වී තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අසාධිතයින් එක් ලක්ෂ 98,212 දෙනෙකු රටවල් 165කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වී ඇති බවයි.
කෙසේවෙතත් පුද්ගලයින් 81,734 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද එම වාර්තා සඳහන් කළේය.
වැඩිම මරණ සංඛ්‍යාවක් චිනයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 3226ක්.
චීනයෙන් අසාධිත පුද්ගලයින් 80,881 දෙනෙකු වාර්තා වන අතර ඉතාලියෙන් 31,506 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉතාලියෙන් මරණ 2503ක් , ඉරානයෙන් මරණ 988ක් , ස්පාඤයෙන් මරණ 533ක් , ප්‍රංශයෙන් මරණ 175ක්, අමෙරිකාවෙන් මරණ 109ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
