බ‍්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තියේ භයානකත්වය වසන් කිරීම සඳහා එරට මේ දක්වා කොරෝනා මරණ හා ආසාදිත සංඛ්‍යාවේ දත්ත ප‍්‍රකාශ නොකිරීමට එරට ජනාධිපති බොල්සනාරෝ පියවර ගෙන තිබේ.
මේ අනුව මින් ඉදිරියට බ‍්‍රසීලය විසින් නිල වශයෙන් ප‍්‍රසිද්ධ කෙරෙන්නේ පසුගිය පැය 24 ක කාලය තුළ ආසාදිත සංඛ්‍යාව හා මියගිය සංඛ්‍යාව පමණි. ජනාධිපති බෝල්සනාරෝ පවසන්නේ පසුගිය කාලයේ දත්ත මගින් රටේ වර්තමාන වසංගත තත්ත්වය පෙන්නුම් නොකෙරෙන බවයි.
දැනට ලොව දෙවන වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ බ‍්‍රසීලයෙනි. පසුගිය දිනවල ඇතැම්විට වැඩිම දිනක මරණ අනුපාතය පවා බ‍්‍රසීලයෙන් වාර්තා විය. අඩු පිරිසක් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන බවට චෝදනා එල්ලවන බ‍්‍රසීලයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 6,77,000 කට වැඩි පිරිසක් සිටින අතර 36,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.