අද (16දා) දහවල් වන විට දිවයිනේ රජයේ රෝහල් 25ක කොරෝනා වෛරස් ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 161 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .
මෙම රෝගීන්ගෙන් බහුතරය එනම් රෝගීන් 20 දෙනෙකු බැගින් හෝමාගම මුලික රෝහලේ හා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ .තවත් සැක කටයුතු රෝගීන් 19 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේද ,රෝගීන් 15 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේද ප්‍රතිකාර ලබමින් සිටියහ .
