Gossip

“කොරෝනා බවට සැක තවත් 165 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ.. ගම් කිහිපයක් හුදකලා කරයි..” – ඔබ නොදත් කොරෝනා ආසාදිතයන් ගැන අලුත්ම තොරතුරු මෙන්න

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 233 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15 දෙනෙකු හදුනාගැනුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ අවසන්වරට හදුනාගත් කොරෝනා රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළ අය බවයි.
මෙම පිරිස අතරින් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකු වනවා.
තවත් අට දෙනෙකු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිටි අතර හතර දෙනෙකු මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස 61 ක්.
තවත් 165 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
මෙලෙස එක් දිගට ආසාදිතයන් වාර්තා වීමත් සමග බේරුවල , පන්නිල සහ චීනකොටුව ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!