Gossip

කොරෝනා පාලනය කළ සිංගප්පූරුවේ යළිත් ශීග‍්‍ර වැඩිවීමක්

සිංගප්පූරුවේ කොරෝනා වසංගතය පැතිරයාමේ ශීග‍්‍ර වැඩිවීමක් සිදුව තිබේ. සිංගප්පූරුව කොරෝනා වසංගතය නිසි ලෙස පාලනය කර තිබුණු ලොව ප‍්‍රධානතම රටක් වන අතර එසේ තිබියදී එක්වරම රෝග ව්‍යාප්තිය විශාල ලෙස ඉහල ගොස් තිබේ.

ඒ අනුව පැය 24 ක කාලයකදී නව ආසාධිතයන් 334 ක් හමුවී ඇති අතර මේ අනුව සම්පුරණ ආසාධිත සංඛ්‍යාව 3252 දක්වාද මරණ සංඛ්‍යාව දහය දක්වාද ඉහල ගොස් තිබේ.

විදේශික සේවකයන් අතර කොරෝනා පැතිරයාම පාලනය සඳහා ඔවුන් මුහුදේ යාත‍්‍රාවල රඳවා තිබේ.

සිංගප්පූරු වැසියන්ට නිවසින් පිටත සෑම අවස්ථාවකම මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

පසුගිය සතියේ සිට සිංගප්පූරුව දැඩි ලෙස සීමාවන් පනවන ලද අතර නීතිරීති උල්ලංඝනය කරන පිරිස් සඳහා අතිවිශාල දඩ පනවා තිබේ.අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා පිටතට නොයන ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!